Friday, June 24, 2011

කලකට පසු

ගොඩ දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරි වුනා. ලියන්න පටන් ගත්ත කථාවත් ලියලා ඉවර කරන්න ඕනේ.
පුලුවන් ඉක්මනට කථාව පලකරනවා.

මමත් දැන් සිතුවිලි පවුර බ්ලොග් අඩ්වියේ සාමජිකවක්. මේ තියන්නේ ඒකට මම ලියපු පලවෙනි ලිපිය.

Wednesday, April 27, 2011

||~~~~~/**\\දෙලොවක් අතර//**\~~~~|| ------------------ [ 02 ]


ගොඩ කාලේකිනුයි මට ලිපියක් දාන්න පුලුවන් වුනේ. Exams, Assignments එක්ක මට පිස්සු වගේ. :/ :/ :/ 


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පහුවදාට එළිවෙනකන් මම කල්පනා කලෙ තිනෙත්ව මීට් වෙන්න පුලුවන් විදිහක් ගැන.
අන්තිමට මම නිමේශාට කොල් කරල අපෙ ගෙදර එන්න කිව්වා.
නිමේශා කියන්නෙ මගෙ හොදම යාලුවෙක්. මගේ විවාහයේ යෙහෙලියට ඉන්නෙත් එයාම තමයි.

" නිමේශා, මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනේ. කරලා දෙනවානේද?"
" ඕන එකක් කරල දෙන්නම්. හැබැයි පුලුවන් දෙයක් නම් විතරයි."
"මට අද තිනෙත්ව හම්බ වෙන්න යන්න ඕනේ"
ඒක කියල ඉවර වෙනවත් එක්කම නිමේශා මට බැනගෙන ගියා.
"සවිනි පිස්සු වැඩ කරන්න එපා. උදුල දැනගත්තොත් ඔයා මේ කලබලේ  තිනෙත්ව මීට් වෙන්න ගිය කියලා, ඇරත් මාත් එක්ක, ඔයයි මමයි දෙන්නම ඉවරයි. මේ වෙඩ්න් එක අස්සේ මොන දේකට තිනෙත්ව හම්බ වෙන්න යනවද???????? "
" ඔයට මම යන ගමන් කතාව කියන්නම්. අපි දෙන්නා ‍ෆිල්ම් එකක් බලන්න යනව වගෙ යමු, අනේ ප්ලීස්."

කෙසේ හෝ නිමේශාව කැමති කරගන්න මට පුලුවන් වුනා.
" අපිට යන්න ඕනේ ආසිරි එකට" මම ත්‍රිරෝද රථයට නගිමින් පැවසුවා. නිමේශා පුදුමයෙන් මගේ දිහා බැලුවේ " තිනෙත්ට සනීප නැද්ද ????" කියලා අහනගමන්
" ගියාම බලාගන්නකෝ"

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මීට වසර ගණනාවකට පෙර මම හතේ පන්තියේ ඉන්න කාලෙදි අපේ අම්මා මාව science class එකකට ගිහින් දැම්මා. ඒ class එක කළෙත් අම්මාගේ යාලුවෙක්මයි.
ඔය class එකෙදි මට ගොඩක් හොද යාලුවො ගොඩක් meet වුනා. උදුලත් ඒ පන්තියේ හිටියා, ඊට අමතරව නිමේශා, තිනෙත්, හශාන් , මනීශා ලත් හිටියා.
උදුල මව කොච්චර අදුනනව වුනත් class එකේදි කථා කලේ නැහැ. මාත් එක්ක පන්තියට ගිය පලවෙනි දවසෙ ඉදන් වැඩිපුරම කථා කලේ නිමේශායි, හශාන්නුයි තමයි. තිනෙත් එදත් අදත් ගොඩක් නිශ්ශ්බ්ද චරිතයක්.

Wednesday, April 13, 2011

||~~~~~/**\\දෙලොවක් අතර//**\~~~~|| ------------------ [ 01 ]

" මම අනිවාර්යෙන්ම එනවා" යයි පවසමින් තිනෙත්ගේ දුරකථන ඇමතුම විසන්ධි කරනවත් සමගම ,

" බීප් බීප් "  ඒ උදුලගේ ජීප් රියෙ හඩයි.

" ලොකූ පොඩ්ඩකට පල්ලෙහට එන්න ළමයො. මේ උදුල ඇවිල්ලා ඔයාව බලලා යන්න. හෙට වෙනකන් ඉන්න බෑ වගෙ මට පෙන්නෙ"
" එයාට උඩට එන්න කියන්න අම්මා."

මම සවිනි. ලොකූ කියන එකෙන්ම තේරෙනවනේ මම පවුලේ වැඩිමලා කියලා. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි.
එතකොට උදුල කියන්නේ පුංචි කාලේ ඉදලා මාත් එක්ක හිටපු මගේ හොදම යාලුවො දෙන්නාගෙන් එක්කෙනෙක්. උදුලගේ තාත්තාත් මගෙ තාත්තාත් යාලුවෝ. ඒ විතරක් නෙමේයි අපි දෙන්නාගේ අම්මලත් හොද යාලුවෝ.
ඒ යාලුකමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට උදුලව යාලුවෙක් හැටියට මුණගැහෙන්නේ. අනිද්ද මගේ 26වෙනි උපන්දිනය. ඒ විතරක් නෙමෙයි මගෙයි උදුලගෙයි විවාහ උත්සවය.
මමත් මාස ගාණක ඉදලයි ඒ දවසට ලෑස්ති වෙන්නේ. තමන්ගේ විවාහ දිනය ඕනෑම තරුණියකගේ සිහිනය, මටත් එක එහෙම්මම වෙලා තිබුනා මීට ටික වෙලාවක් වෙනකන්.
ඒත් තිනෙත් දුරකථන ඇමතුම ආපු වෙලාවේ ඉදලා ඒ හැමදෙයක්ම නැතිවෙලා ගියා.

" අපේ අම්මා කිවුවා මෙහෙ අද එන්න එපා කියලා. ඔය ගොල්ලොන්ට වැඩ ඇතිලු. මම ඉතින් කිවුවා ඔයා මොන වැඩ තිබ්බත් මාත් එක්ක කතා කරනව කියලා. he he"
" ඔයා ආපු එක මට කරදරයක් නෙමේයි උදුල. එහෙමට වැඩක් නැහැ" මම කිවුවේ හිතින් නම් නෙමේ. මගේ හිත තිබුනේ වෙනත් දිහාවක.
උදුල ඊට පස්සෙත් මොනවදෝ කියෙවුවත් මගේ ඔලුවට ඒ කිසි දෙයක් ගියේ නැහැ.

" ඔයා මම කියන දේ අහගෙන නෙමේ නේද හිටියේ"
උදුල මට තට්‍ටුවක් දමමින් ඇහුවම තමයි මම ආපහු මේ ලෝකෙට ආවේ.
" අනේ නැහැ බබා මගේ ඔලුව ටිකක් රිදෙනවා :( :'("
" එහෙනං බෙහෙතක් බොන්න ළමයෝ. ඕක වැඩි වුනොත් හෙට මාර case එක වෙන්නේ. :/ මම දැන් යන්නං. දවල්ට දිලංජනලා එනවා කිවුවා. පරිස්සං වෙලා ඉන්න. මට මේ දවස් වල නින්ද යන්නෙත් නෑ.  :) :) :* "

උදුල මම ගැන බලාපොරොත්තු තියාගන්න පටන් ගත්තේ අපි දෙන්නා 7 වසරේ ඉන්න කාලේ ඉදලාමයි. උදුල මගෙන් කැමැත්ත ඇහුවත් මම එකට කවදාවත් කැමති වුනේ නැහැ.
මීට අවුරුදු දෙකකට කලින් උදුල අම්මලාගෙන් කෙලින්ම මම ගැන ඇහුවා වෙලාවේ එකට අකමැති නොවී ඉන්න පුලුවන් කමක් තිබ්බේත් නැහැ හේතුවක් තිබ්බේත් නැහැ. අන්තිමට මම උදුලට ආදරේ කරන්න ගත්තා. කාලයත් එක්ක මට උදුලව නැතුවම බැරි වුනා.

ඒ කාලෙදි මම ගොඩක් උත්සහා ගත්තා කෙනෙක්ව අමතක කරන්න. මම බොහෝ දුරට සාර්ථක වුනත් අද තිනෙත්ගේ call එක මට හැමදේම ආපහු මතක් කලා.

මිතුරිය

මිතුරිය
ඔබ සැමදා මගෙ මිතුරියයි
ප්‍රාණ සම මිතුරියයි
වෙන්වුනත් ඔබ මගෙන් ‍රැදි තියෙවි ඒ මතකයන්
ඔබත් මමත් ගෙවු ඒ සුන්දර පාසල් කාලය
ඔබ නිහඩයි මගෙ පැනයට
නැත පිළිතුරක් ඔබ සතුව
ඔබේ නිහඩකම දවයි මා හද
නැත විසදුමක්  මා ළගද
ඔබ වෙන්වෙනවා ටිකෙන් ටික
වෙන්වුනත් ඔබ මගේ මිතුරියයි හැමදාම

{මේක මම හද ‍රැදියට ලියපු එකක්}

Monday, April 11, 2011

හැමදාමත් බ්ලොග් කියෙවුවට මගේම කියල බ්ලොග් එකක් පටන් ගන්න හිතුනෙ දැනුයි.
මම ඉගෙන ගන්න IT පන්තියේ යාලුවොන්ට ලියන්න පුලුවන් වෙන විදිහට මම ඉස්සෙල්ලාම යාලුවොත් එක්ක හද ‍රැදි දේ පටන් ගත්තත් එක ඒක දිගටම කරගෙනයන්න බැරි වුනා.
කොහොමෙන් කොහොමෙන් හරි මම පටන් ගත්ත බ්ලොග් එක සාර්ථක වේවි කියලා හිතනවා.

ලබන්නාවු  සිංහල හා හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව  වසරක් වේවා යැයි පතමින් මම මගෙ බ්ලොග් එක පටන් ගන්නවා :) :) :)

බ්ලොග් ගැන මට කියල දීපු පුබුදු සර්ට බොහොම ස්තුතියි :) :) :)
Powered by Blogger.