Wednesday, April 27, 2011

||~~~~~/**\\දෙලොවක් අතර//**\~~~~|| ------------------ [ 02 ]


ගොඩ කාලේකිනුයි මට ලිපියක් දාන්න පුලුවන් වුනේ. Exams, Assignments එක්ක මට පිස්සු වගේ. :/ :/ :/ 


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පහුවදාට එළිවෙනකන් මම කල්පනා කලෙ තිනෙත්ව මීට් වෙන්න පුලුවන් විදිහක් ගැන.
අන්තිමට මම නිමේශාට කොල් කරල අපෙ ගෙදර එන්න කිව්වා.
නිමේශා කියන්නෙ මගෙ හොදම යාලුවෙක්. මගේ විවාහයේ යෙහෙලියට ඉන්නෙත් එයාම තමයි.

" නිමේශා, මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනේ. කරලා දෙනවානේද?"
" ඕන එකක් කරල දෙන්නම්. හැබැයි පුලුවන් දෙයක් නම් විතරයි."
"මට අද තිනෙත්ව හම්බ වෙන්න යන්න ඕනේ"
ඒක කියල ඉවර වෙනවත් එක්කම නිමේශා මට බැනගෙන ගියා.
"සවිනි පිස්සු වැඩ කරන්න එපා. උදුල දැනගත්තොත් ඔයා මේ කලබලේ  තිනෙත්ව මීට් වෙන්න ගිය කියලා, ඇරත් මාත් එක්ක, ඔයයි මමයි දෙන්නම ඉවරයි. මේ වෙඩ්න් එක අස්සේ මොන දේකට තිනෙත්ව හම්බ වෙන්න යනවද???????? "
" ඔයට මම යන ගමන් කතාව කියන්නම්. අපි දෙන්නා ‍ෆිල්ම් එකක් බලන්න යනව වගෙ යමු, අනේ ප්ලීස්."

කෙසේ හෝ නිමේශාව කැමති කරගන්න මට පුලුවන් වුනා.
" අපිට යන්න ඕනේ ආසිරි එකට" මම ත්‍රිරෝද රථයට නගිමින් පැවසුවා. නිමේශා පුදුමයෙන් මගේ දිහා බැලුවේ " තිනෙත්ට සනීප නැද්ද ????" කියලා අහනගමන්
" ගියාම බලාගන්නකෝ"

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මීට වසර ගණනාවකට පෙර මම හතේ පන්තියේ ඉන්න කාලෙදි අපේ අම්මා මාව science class එකකට ගිහින් දැම්මා. ඒ class එක කළෙත් අම්මාගේ යාලුවෙක්මයි.
ඔය class එකෙදි මට ගොඩක් හොද යාලුවො ගොඩක් meet වුනා. උදුලත් ඒ පන්තියේ හිටියා, ඊට අමතරව නිමේශා, තිනෙත්, හශාන් , මනීශා ලත් හිටියා.
උදුල මව කොච්චර අදුනනව වුනත් class එකේදි කථා කලේ නැහැ. මාත් එක්ක පන්තියට ගිය පලවෙනි දවසෙ ඉදන් වැඩිපුරම කථා කලේ නිමේශායි, හශාන්නුයි තමයි. තිනෙත් එදත් අදත් ගොඩක් නිශ්ශ්බ්ද චරිතයක්.

0 comments:

Post a Comment

Powered by Blogger.